ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයෙක් පිත්ත අතට ගනී

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා සම්භවයක් ඇති දිනෙත් කේෂණ ෆොන්සේකා එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් ක්‍රිකට් තරගාවලිය මේ මස 25 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන අතර, එයට එක්දින තරග 3ක් හා නිල නොවන ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වේ.

පසුගිය වසරේ දැක්වූ විශිෂ්ටතම ක්‍රීඩා දස්කම් වෙනුවෙන් බෝල්ටන් පාසලේ හින්ඩ්ලි කුසලානය දිනාගත් 13 වසරේ ඉගෙනුම ලබන කේෂණ ෆොන්සේකා එංගලන්ත 19න් පහළ සිය මංගල ඕවර 50ක එක්දින තරගයේදී අයර්ලන්තයට එරෙහිව ලකුණු 121ක් රැස් කළේය. අනතුරුව දෙවැනි එක්දින තරගයේදී අංක තුන පිතිකරු ලෙස ඔහු ලකුණු 76ක් ලබා සිටියදී අතේ පන්දුව වැදී ආබාධයක් හට ගත්තේය. එම ආබාධයෙන් පසු ඔස්ට්‍රේලියා සංචාරය අහිමිවී ගියද ඔහු ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී තරග බිමට පිවිසීමේ සූදානමින් පසු වේ.

ලැන්කෂයර් ඇකඩමියේ සාමාජිකයකු වූ ඔහු පසුගිය සතියේ ලැන්කෂයර් දෙවැනි පෙළ කණ්ඩායමට තේරී පත් වූ අතර ලබන වසරේ වෘත්තියමය ක්‍රිකට් තත්ත්වයක් ලැබීමට නියමිතය. ආරම්භක පිතිකරුවෙක් සහ පිට දඟ පන්දු යවන්නෙක් වූ ඔහු එංගලන්ත පිලේ විශාල බලාපොරොත්තුවක් බවට පත්ව තිබේ.

The post ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයෙක් පිත්ත අතට ගනී appeared first on දිනමිණ.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post