පුත්ත­ලම දිස්ත්‍රික් බැඩ්මි­න්ටන් ශූරයා-ශෙනුක්: ශූරිය-රශ්මි

ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් ආය­ත­නයේ අනු­බ­ද්ධිත පුත්ත­ලම දිස්ත්‍රික් බැඩ්මි­න්ටන් සංග­මය මෙහෙ­ය­වනු ලැබූ සමස්ත ලංකා පුත්ත­ලම දිස්ත්‍රික් විවෘත බැඩ්මි­න්ටන් තර­ගා­ව­ලියේ විවෘත පිරිමි ඒකල ශූර­තාව දිනා ගැනී­මට ශෙනුක් සම­ර­රත්න සමත් වූ අතර, කාන්තා ඒකල ශූර­තාව රශ්මි භාග්‍යා දිනා ගත්තාය.

වෙන්න­ප්පුව ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් එෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී පසු­ගි­යදා පැවති මේ තර­ගා­ව­ලියේ විවෘත පිරිමි ඒකල අව­සන් මහා තර­ග­යේදී තිළිණ රාජ­ක­රුණා ලකුණු 21-19ක්, 19-21ක් සහ 21-16ක් ලෙස පරා­ජය කිරී­මට ශෙනුක් සමත් වූ අතර, රශ්මි භාග්‍යා හමුවේ ලකුණු 21-11ක් සහ 21-17ක් ලෙස ජන­නු­වනි ද අල්විස් පරා­ජ­යට පත්වූ­වාය.

ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් දෙවැනි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් ශ්‍රේණි­ගත කිරීමේ තර­ගා­ව­ලි­යක් ලෙස පැවති මේ තර­ගා­ව­ලියේ විවෘත පිරිමි යුගල ශූර­තාව ලකුණු 21-17ක් සහ 21-16 ලෙස රොෂාන් පද්ම­කු­මාර සහ සුපුන් ලක්රංග පිය­රත්න පරා­ජ­යට පත් කළ මධුක දුලාං­ජන සහ ළහිරු මධු­ෂාන් වීර­සිංහ දිනා­ගත් අතර, රශ්මි භාග්‍යා සහ වරං­ගනා ජය­ව­ර්ධන ලකුණු 21-16ක් සහ 21-7 ලෙස නිලාසි බාල­සූ­රිය සහ ජන­නු­වනි අමන්දා ද අල්විස් පරා­ජය කර­මින් විවෘත කාන්තා යුගල ශූර­තාව දිනා ගත්හ.

ලකුණු 21-14ක් සහ 21-14ක් ලෙස විදූ මන්දීව් ලිය­නගේ සහ නිලාසි බාල­සූ­රිය පරා­ජය කළ ළහිරු මධු­ෂාන් වීර­සිංහ සහ ඉරූෂි අමන්දි විවෘත මිශ්‍ර ශූර­තාව දිනා ගැනී­මට සමත් වූහ.

අවු­රුදු 19න් පහළ ඉස­ව්වේදී බාලක ඒකල ශූර­තාව තිළිණ රාජ­ක­රු­ණා­ටත්, බාලිකා ශූර­තාව සඳති දෙව්මි­ණි­ටත් හිමි වූ අතර, එහි අනු­ශූ­රතා පිළි­වෙ­ළින් රෙෂාන් හරිත් සහ රුක්ෂිකා බාස්ක­රන්ට හිමි වූහ. එහි බාලක යුගල ශූර­තාව රිතිර සෙන්දිල් අබේ­ගු­ණ­ව­ර්ධන සහ තෙනුල් රන්සජ ගනේ­වත්ත දිනා ගත්හ.

කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවු­රුදු 110ට වැඩි ඒකා­බද්ධ වයස් කාණ්ඩ තරග, විවෘත තරග සහ පළඟ කාණ්ඩයේ තරග ඇතු­ළත් සමස්ත ලංකා පුත්ත­ලම දිස්ත්‍රික් විවෘත බැඩ්මි­න්ටන් ශූර­තා­ව­ලියේ ජය­ග්‍රා­හක ජය­ග්‍රා­හි­කා­වන්ට රුපි­යල් ලක්ෂ පහක මුදල් ත්‍යාග, පද­ක්කම් සහ සහ­ති­ක­පත් බෙදා දුන්හ.

The post පුත්ත­ලම දිස්ත්‍රික් බැඩ්මි­න්ටන් ශූරයා-ශෙනුක්: ශූරිය-රශ්මි appeared first on දිනමිණ.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post