දකුණු ආසියානු පාපන්දු ශූර­තා­ව­ලිය ශ්‍රී ලංකා­වට ගැනීමේ යෝජ­නාව අද

දකුණු ආසි­යානු පාපන්දු ශූර­තා­ව­ලියේ සත්කා­ර­ක­ත්වය ශ්‍රී ලංකා­වට ලබා ගැනීමේ යෝජ­නාව ශ්‍රී ලංකා පාපන්දු සභා­පති ජස්වර් උමර් මහතා අද දකුණු ආසි­යානු පාපන්දු සම්මේ­ල­න­යට ඉදි­රි­පත් කිරී­මට සූදා­නම් වෙයි. බංග්ලා­දේ­ශයේ ඩකා නුව­රදී දකුණු ආසි­යානු රට­වල් අතර පාපන්දු ප්‍රධා­නීන්ගේ මහා සභාව අද පැවැ­ත්වෙන අතර, එහිදී එම යෝජ­නාව ශ්‍රී ලංකා පාපන්දු සභා­ප­ති­ව­රයා ඉදි­රි­පත් කරනු ඇත.

එම යෝජ­නා­වට දකුණු ආසියා පාපන්දු ප්‍රධා­නීන් දැන­ට­මත් වාචි­කව සහය පළ කර ඇතැයි ද අද දිනයේ එය නිල පිළි­ගැ­නී­මට ලක්වනු ඇතැයි ද ශ්‍රී ලංකා පාපන්දු සභා­පති ජස්වර් උමර් මහතා සඳ­හන් කළේය. 1995දී පූර්ණ සත්කා­ර­ක­ත්ව­යෙන් ශ්‍රී ලංකා­වේදී දකුණු ආසියා පාපන්දු ශූර­තා­ව­ලිය පැවති අතර, 2008දී මාල­දි­ව­යින හා ශ්‍රී ලංකාව යන රට­වල් දෙක එක්ව සම සත්කා­ර­ක­ත්ව­යෙන් දකුණු ආසි­යානු පාපන්දු ශූර­තා­ව­ලිය පැවැ­ත්විණි. එබැ­වින් වසර 30කට පසු පූර්ණ සත්කා­ර­ක­ත්ව­යෙන් මේ පාපන්දු සැණ­කෙ­ළිය පැවැ­ත්වී­මට ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ල­නය බලා­පො­රො­ත්තු­වෙන් සිටී.

මීළඟ දකුණු ආසි­යානු පාපන්දු ශූර­තා­ව­ලිය ලබන 2025 වසරේ ජූනි – ජූලි මාස අත­ර­තු­රදී පැවැ­ත්වී­මට නිය­මි­තව ඇත. "මේ ශූර­තා­ව­ලිය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩා­වට ඉතාම වැද­ගත්. කලා­පීය මට්ටමේ අපේ ක්‍රීඩ­ක­යන්ගේ දක්ෂතා ඉදි­රි­යට ගන්න හොඳම අව­ස්ථාව මේ තර­ගා­ව­ලි­යයි. අපේ පාපන්දු ක්‍රීඩාව දැන් ක්‍රම­යෙන් ඉහ­ළට එනවා. අපේ ක්‍රීඩ­ක­යන්ට වැඩි වශ­යෙන් තරග අව­ශ්‍ය­යියි. එවිට ලෝක ශ්‍රේණි­ගත කිරිමේ ඉදි­රි­යට යෑමට අව­ස්ථාව ලැබෙ­නවා" ජස්වර් උමර් මහතා පැව­සීය.

මෙතෙක් පැවති දකුණු ආසි­යානු පාපන්දු ශූර­තා­ව­ලි­ය­කදී (1995) කුස­ලා­නය ශ්‍රී ලංකාව සතු­ක­ර­ගෙන ඇති අතර, 1993දී අනු­ශූ­ර­තාව දිනා ගත්තේය. එහෙත් අව­සන් වරට ඉන්දි­යාවේ පැවති දකුණු ආසි­යානු පාපන්දු ශූර­තා­ව­ලි­යට ශ්‍රී ලංකා සහ­භා­ගි­ත්වය අහි­මිවී ගියේය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ල­නයේ උද්ග­තවූ ගැටලු සහ­ගත තත්ත්වය හේතු­වෙන් ලෝක පාපන්දු සම්මේ­ල­නය ශ්‍රී ලංකා­වට තහ­න­මක් පැනවු අතර, මේ නිසා සියලු තර­ගා­වලි ශ්‍රී ලංකා­වට තහ­නම් වූවේය. ශ්‍රී ලංකාව වසර 30ක ඉති­හා­සයේ පළමු වරට දකුණු ආසි­යානු පාපන්දු ශූර­තා­ව­ලි­යෙන් ඉවත්ව සිටීම කැපී පෙනුණි. ඒ වෙනු­වට කුවේට් සහ ලෙබ­නන කණ්ඩා­යම් ඇතු­ළත් කිරී­මට දකුණු ආසි­යානු පාපන්දු සම්මේ­ල­නය තීර­ණය කළේය. වාර්තා­ගත ලෙස ශූරතා අටක් දිනා ඉන්දි­යාව මෙහි ආධි­පත්‍ය රඳ­වා­ගෙන සිටින අතර, පාකි­ස්තා­නය, නේපා­ලය හා භූතා­නය මෙතෙක් ශූරතා දිනා නැත.

The post දකුණු ආසියානු පාපන්දු ශූර­තා­ව­ලිය ශ්‍රී ලංකා­වට ගැනීමේ යෝජ­නාව අද appeared first on දිනමිණ.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post