විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් නැමීබියාවට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත් විය.

'බී' කාණ්ඩය යටතේ බ්රිජ්ටවුන්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියා පිල කඩුලු 9ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය ස්කොට්ලන්තය ඕවර 18.3කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමිනි.

ස්කොට්ලන්ත ජයග්රහණයේ නියමුවා වූ මයිකල් ලීස්ක් වේගවත් ලකුණු 35ක් රැස් කළේ පන්දු 17කදී හතරේ පහර 4ක් සමඟිනි. නායක රිචී බෙරින්ටන් පන්දු 35කදී නොදැවී ලකුණු 47ක් රැස් කළ අතර, මයිකල් ජෝන්ස් ලකුණු 26ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී ගර්හාර්ඩ් ඉරැස්මස් කඩුලු 2ක් දවා ගත්තේය.

නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ ගර්හාර්ඩ් ඉරැස්මස් ලකුණු 51ක් රැස් කරමින් පළමුව පන්දුවට පහරදුන් නැමීබියා ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු 31කට මුහුණදුන් ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබිණි. සේන් ග්රීන් ලකුණු 28ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී බ්රැඩ් වීල් කඩුලු 3ක් සහ බ්රැඩ් කියුරි කඩුලු 2ක් දවා ගත්හ.

නැමීබියාව – 155/9 (ඕවර 20) ගර්හාර්ඩ් ඉරැස්මස් 51, සේන් ග්රීන් 28 (බ්රැඩ් වීල් 33/3, බ්රැඩ් කියුරි 16/2)

ස්කොට්ලන්තය – 157/5 (ඕවර 18.3) රිචී බෙරින්ටන් 47, මයිකල් ලීස්ක් 35ක්, මයිකල් ජෝන්ස් 26 (ගර්හාර්ඩ් ඉරැස්මස් 29/2)

The post ස්කොට්ලන්තය නැමීබියාව පරදවයි appeared first on දිනමිණ.

[Category: Uncategorized]

Tags: