අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම හේතුවෙන් පළමු වරට මෙරට සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කිරිමට හැකි වුණා

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම හේතුවෙන් පළමු වරට මෙරට සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කිරිමට හැකි වූ බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(07) පාර්ලිමේන්තුවේදී පැවසීය. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සහ සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග කිහිපයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසීය.

ජනවාරි සිට ජූනි මාසය දක්වා අදාළ  සුබසාධක දීමනාවලට අදාළ ගෙවීම් මේ වන විට  සිදු කර ඇති බවත් වැඩි කළ සුබසාධක ප්‍රතිලාභ එළඹෙන ජූලි මාසයේ සිට ගෙවීම සඳහා , පාර්ලිමේන්තුවේ අනුමැතිය බලාපොරොත්තු වෙන බවද හෙතෙම පැවසීය."අස්වැසුම" සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවද හෙතෙම පැවසීය. වසර ගණනාවක් තිස්සේ සුබ සාධක දීමනා ගෙවීම සඳහා අති කළ ක්‍රමවේදය එක් වසරකින් වෙනස් කළ නොහැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම වසරේ අස්වැසුම සඳහා රුපියල් බිලියන 205ක්  වෙන් කිරීමට බලාපොරෛාත්තු වන බවද කීය.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

අපි මෙම සුබසාධක මණ්ඩලයේ යම් යම් regulations වෙනස් කරනවා.සුබසාධක ප්‍රතාලාභ ගෙවීමේදි දුර්වලතා ඇති වුණා. එමෙන්ම මෙම මෘදුකාංගයෙත් යම් යම් ගැටලු ඇති වුණා. කැබිතිගොල්ලෑව වගේ ප්‍රදේශයකට ගියොත් අන්තර්ජාල පහසුකම් නැහැ. එම ප්‍රදේශ වල ජනතාව ප්‍රාදශෙීය ලේකම් කාර්යාලයට ගිහින් තමයි තමන්ගේ අස්වැසුම අයදුම්පත ලබා දී තිබෙන්නේ. නමුත් බොරු තොරතුරු ලබා දෙමින් ඇතැම් අය ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා.නමුත් මෙවර රෙකොඩින් එකක් ලබා ගන්නවා. තවත් පිරිසක් තමන්ගේ  නමින් බැංකු ගිණුමක් හෝ ආරම්භ කර නැහැ.

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම හේතුවෙන් පළමු වරට මෙරට සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කිරිමට හැකි වුණා. ඒ හරහා මෙරට දිළිඳුම කණ්ඩායම් හඳුනාගැනීමට හැකි වී ඇතැයිද කීය.

රජය පොහොර සහණාධාරය ලබා දීමේදී බැංකු හරහා ලබා දීමට කටයුතු කරනවා. අනෙක් අතට මූල්‍ය අන්තර්ගතභාවය, විනිවිදභාවය, දූෂණ සහ අක්‍රමමිතා අවම කිරීමට හැකි වී තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමේදී   යම් යම් චෝදනා එල්ල වෙනවා.'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ සමාජයේ පහළ ආදායම් ලබන 40% ක පිරිසට කාණ්ඩ 4ක් ඔස්සේ මුල්‍ය අධාර  ලබා දෙනවා.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post