ජගත් පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට යෙදී තිබේ.

පාරිසරික ගැටලු සම්බන්ධව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අදිටනින් 1972 වර්ෂයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවති ජාත්‍යන්තර පරිසර සමුළුවේදී ගන්නා තීරණයකට අනූව බිහිවූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සමාරම්භක දිනය සැමරීම උදෙසා, සෑම වසරකම ජූනි 05 ජගත් පරිසර දිනය වශයෙන් නම්කර ඇත.

ජගත් පරිසර දිනයට සමගාමීව  පසුගිය මැයි 30  සිට  ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කළ අතර  ජගත් පරිසර දිනයට සමගාමීව මෙරට වන ගහණය වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය සංවිධානය කර තිබුණි.

පරිසර දින ජාතික උත්සවය  අද පැවැත්වීමට නියමිතව තිබූ ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස්  ලබා දී තිබේ.

අද දිනයේ ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් පැල දස ලක්ෂයක් දිවයින පුරා රෝපණය  කරන අතර,  ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙලට සමගාමීව සෑම නිවසකම එක් පැලයක් රෝපණය කරන ලෙස පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඉල්ලා සටියි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post