රෝහිත් ෂර්මා 6×600යි

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ජය­ග්‍රාහී ආර­ම්භ­යක් ලබා සිටින ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ජාත්‍ය­න්තර ක්‍රිකට් තර­ග­ව­ලදී (ටෙස්ට්, එක්දින, විස්සයි20) හයේ පහර 600ක් එල්ල කළ පළමු ක්‍රීඩ­කයා බවට පත්විය.

ලෝක කුස­ලාන පළමු තර­ග­යේදී අය­ර්ල­න්ත­යට එරෙ­හිව හයේ පහර 3ක් එල්ල කිරී­මත් සමඟ රෝහිත් හයේ පහර 600 සීමා­වට ළඟා වූවේය. විස්සයි20 හයේ පහර 500කට වැඩි සංඛ්‍යා­වක් රැස්කළ එකම ඉන්දි­යානු පිති­ක­රුවා ඔහුය. ඔහු විස්සයි20 ක්‍රිකට් ඉති­හා­සයේ වැඩිම හයේ පහ­ර­වල් සහ ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ දෙවැනි වැඩිම හයේ පහ­රට හිමි­කම් කියයි.

රෝහිත් ෂර්මා ටෙස්ට් තර­ග­ව­ලදී හයේ පහර 84ක්, එක්දින ජාත්‍ය­න්තර තර­ග­ව­ලදී හයේ පහර 323ක්, විස්සයි20 ජාත්‍ය­න්තර තර­ග­ව­ලදී හයේ පහර 193ක් මේ වන විට එල්ල කොට ඇත.

The post රෝහිත් ෂර්මා 6×600යි appeared first on දිනමිණ.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post