ලෝක ක්‍රිකට් පිටියේ වැඩිම අවදානයක් දිනා ගන්නා පරම ප්‍රතිවාදීන්ගේ තරගය බවට පත්වන ඉන්දියාව සහ පාකිස්තානය අතර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග හෙට (9) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වෙයි.

මේ තරගය 'ඒ' කාණ්ඩය යටතේ පැවැත්වෙන අතර, තරගයේ ජය පාකිස්තානයට තීරණාත්මක වී තිබේ. ඉන්දියාව සහභාගිවූ පළමු තරගයෙන් අයර්ලන්තය පරාජය කළ අතර, පෙරේදා පැවති තරගයේදී පාකිස්තානය සුපිරි ඕවරයේදී සත්කාරක අමෙරිකාව හමුවේ පරාජයට පත්විය.

සුපිරි වටයට එක්වීමට නම් අවම වශයෙන් තරග 4න් 3ක් ජයගත යුතු අතර, එහි වැඩිම අවස්ථාව ඉන්දියාව සතුව තිබේ.

අමෙරිකාව මේ වන විට ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් සුපිරි වටයට ආසන්නයට ගොස් සිටින අතර, පාකිස්තානය හෙට තරගය පරාජය වුවද සුපිරි වටයට එක්වීමේ අවස්ථාව අහිමි නොවනු ඇත.

කෙසේ වෙතත් ඒ සඳහා ඔවුන්ට ඉතිරි තරග දෙක (අයර්ලන්තය සහ කැනඩාවට එරෙහිව) ජය ගැනීම අනිවාර්යය වෙයි. එමෙන්ම අමෙරිකානු කණ්ඩායම ද ඉතිරි තරග දෙකම (ඉන්දියාව සහ අයර්ලන්තයට හමුවේ) පරාජය වන තෙක් බලා සිටීමට සිදු වන අතර, එසේ වුවහොත් පාකිස්තාන සහ අමෙරිකා කණ්ඩායම්වල ප්‍රසාද ලකුණු සමවන බැවින් ඉහළ ශුද්ධ ලකුණු වේගයක් සහිත කණ්ඩායමට සුපිරි වටයට එක්වීමට අවස්ථාව හිමි වනු ඇත. මේ වන විට අමෙරිකාව +0.626ක් ද පාකිස්තානය 0.000 ලෙස ද ශුද්ධ ලකුණු වේගය සටහන්ව ඇත.

පළමු තරගයේ අමෙරිකාව හමුවේ පරාජය වීම හේතුවෙන් බාබර් අසාම් ප්රමුඛ පාකිස්තාන කණ්ඩායමට ක්‍රීඩා ලෝලීන්, ආධාරකරුවන් සහ හිටපු පකිස්තාන ක්‍රිකට් ක්රීඩකගෙන් විවේචනයට ලක්ව තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය විස්සයි20 පිටියේදී මේ වන විට තරග 12කදී හමුව ඇති අතර, ඉන් තරග 8 ජය ඉන්දියාව සතු වෙද්දී පාකිස්තානය ජය ගෙන ඇත්තේ තරග 3ක් පමණි. ලකුණු සමවූ තරගයක ද ජය ඉන්දියාව සතුවී තිබේ.

අවසන් වරට 2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේදී දෙපිල හමුවූ අතර, එම තරගයෙන් ඉන්දියාවට කඩුලු 4ක ජයක් අත්විය.

මේ අතර හෙට පැවැත්වෙන තරගය මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉහළම මිලක් සහිත ප්‍රවේශපත් අලෙවි කළ තරගය බවට පත්ව තිබේ. මේ තරගයේ සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයක මිල අමෙරිකානු ඩොලර් 300ක් වන අතර, ඒවා මේ වන විටත් විකුණා අවසන් වී තිබේ. ඩොලර් 2,500 සිට 10000 දක්වා පරාසයක ටිකපත් පත් ඉතිරිව ඇති අතර, ඒවා මිල අධික වීමත්, මේ ටිකට්පත් කළු කඩේ අලෙවි වීමත් සිදු වෙයි. එම නිසා විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දියාව සහ පාකිස්තානය අතර මෑතක පැවති තරගයකදී ක්‍රීඩාංගණය ප්රේක්ෂකයන්ගෙන් පිරී නොගිය තරගය බවට පත්වනු ඇතැයි වාර්තා කර තිබේ.

The post ක්‍රිකට් පිටිය ගිනියම් වන ඉන්දු-පාකිස්තාන ගැටුම හෙට appeared first on දිනමිණ.

[Category: Uncategorized]

Tags: